Sunday, August 17, 2014

Gallery එකේ තියන Photos Videos ලේසියෙම්ම Hide කරමු


                
ඔන්න යාලුවනේ මම අදත් පොඩි Software කැල්ලක් අරන් ආවා හැබැයි මේක PC software එකක්නම් නෙවේ මේක ඉතින් Android Phone පාවිච්චි කරන අයට තමා වැදගත් වෙන්නේ .මොකක්ද මේ App එක.මොනාද මේකෙන් වෙන්නේ? ඇත්තටම මේ app එකෙන් සිදුවන කාර්ය තමා Gallery එකේ තියන Photos Videos Hide කරන්න තියන app අතරින් එකක්.
එහෙනම් අපි වැඩිය කතාව නැතිව වැඩේට බහිමුකෝ.ඉතින් මොන කරන්නත් මේ app එක තියෙන්න එපි නේද?
           1.එහෙනම් මුලිම්ම මෙතනින් ගිහින් මේ app එක බාගන්නකෝ
            2.බාගත්තට වැඩක් නැනේ මේක කරන්නේ කොහොමද කියල දන්නේ නැතිව ඔන්න එහෙනම්                           කරන විදියත් බලාගන්නකෝ  
               3.බාගත්තු app එක Install කරන්න.
            4.ඊට පස්සේ ඔයාගේ Gallery එකේ තිනය ඔයාට Hide කරන්න අවශ්‍ය photo හෝ vieo ටික select කරලා share via ගිහින් Android Safe කියලා තියන එක දෙන්න.(පල්ලැහැ තියන පින්තුරය බලන්න)



4.දැන් ඉතින් ඔයා hide කරපු ටික galleryඑකේ පෙන්නන්නේ නැ.pc එකට ගැහුවත් පෙන්නන්නේ නෑ.
5.දැන් ඉතින් මේ hide කරපු ඒවා ටික ගන්නේ කොහොමද බයවෙන්න එපා. ඔයාගේ phone එකට Install කරගත්තු Android Safe එක open කරන්න.



6.ඒක open කරලා ඔය private කියන එක දෙන්නකෝ.ඔය තියෙන්නේ බොලේ hide කරපු photo ටික.ඔයාට ඒ photo ටික ආයමත් gallery එකේ පෙන්නන ඕනෙනම් ඒවාට ටික් එකක් දල ඔය ඉබ්බෙක් වගේ තියන icon එක click කරන්න වැඩේ හරි.දැන් gallery එකට ගිහින් බලන්න ආයෙත් ඒ photo ටික එහෙම්මම ඇති.






කොහොමද වැඩේ හොදද ඔයාලත් මේ app එක අරන්ම බලන්නකෝ මේකේ වැදගත්කම.එහෙනම් මන් ගිහින් තවත් දවසක මේ වගේ මොකක් හරි software කෑල්ලකුත් අරගෙනම එන්නම්කෝ.
ආ මට කියන්න අමතක උනා ඔය ඒ app එක Install කරාම එන my camera කියන app එකෙන් ගහන photo ඔටෝ  hide වෙනවා හොදේ.

පහලින් අපේ facebook පිටුවටත් like එකක් දාගෙනම යන්න හොදේ


Thursday, August 7, 2014

Windows xp නිල් පාට Title Bar එක win 7 එකේ වගේ Glass Bar එකක් කරමු.




හායි යාලුවනේ ඉතින් කොහොමද? ඔන්න මමත් මගේම කියලා Blogg එකක් හැදුව.මම Blogg ගැන වැඩිය දන්නේ  නැති වුනත් මටත් හිතුනා මම දන්නා දේ ඔයාලට කියන්න.මම තාම අලුත් නිසාත් මම ලියන පළමු ලිපිය නිසාත් මේකේ වැරදි තියෙයි.එක නිසා මන් ඔයාලගෙන් මුලින්ම සමාව අයදිනවා.මම පළකරන්න යන පළමු ලිපිය තමා Windows xp නිල් පාට Title Bar එක win 7 එකේ වගේ Glass Bar එකක් වගේ පේන්න හදන්නේ කොහොමද කියලා.හොදයි වැඩිය කතා නැතිව  අපි වැඩේට බහිමුකෝ.

    1.මුලින්ම මෙතනින් ගිහින් මේ පොඩි software කෑල්ල download කරගන්නකෝ.මේකේ නම තමා (True Transparency) 1Mb වත් නෑ හරිම පොඩියි.

2.Download කරගත්තු Winrar file එක Extract කරලා open කරගන්න.
3.open කරපු file එක මෙන්න මේ විදියට පෙන්නයි.(පහල ඇති පින්තුරය බලන්න)

 4.එකේ ඇති TT  අයිකනය double click කරන්න .එතකොට ඔයාගේ නිල් පාටට තිබුණු title bar එක glass එකක් වගේ වෙලා ඇති.
5.හැබැයි මේක computer එක off කරලා ආයේ on කරද්දි නැහැ.ඒකට කරන්න තියෙන්නේ මෙච්චරයි. 
6.ඔයාගේ start bar එකේ දකුණු කෙලවරේ ඇති TT සලකුණ right click කර Run at Startup දෙන්න විතරයි.




computer off කරලා අයෙත් on කරද්දිනුත් මේක තියනවා.කොහොමද වැඩේ.මේ තියෙන්නේ computer එකේ ගත්ත screen shot එකක්.



එහෙනම් යාලුවනේ මං ගිහින් එන්නම්.Byee!!!!